'ඉස්කෝලෙකින් ඉස්කෝලෙකට ඉස්කෝලයක්'

ගංවතුරින් හානියට පත්වූ රත්නපුර කලවාන සිංහලගොඩ විද්‍යාලය පිළිසකර කිරීමට ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු සහ ආදි සිසුහු පිරිසක් ඊයේ(08) කටයුතු කළහ.

බණ්ඩාරනායක විද්‍යාලයයේ  ආදි සිසු එකමුතුව විසින්  'ඉස්කෝලෙකින් ඉස්කෝලෙකට ඉස්කෝලයක්' මැයෙන් මෙම වැඩ සටහන පියවර තුනක් යටතේ සංවිධානය කරනු ලබයි.

වැඩසටහන යටතේ  සිංහලගොඩ විද්‍යාලයේ  පංති කාමර තුළ ගංවතුර නිසා එක්රැස් වූ කසළ ඉවත් කළ අතර ඩෙස් පුටු අලුත්වැඩියා කර තීන්ත ආලේප කිරීමටත් පංති කාමර අලුත්වැඩියා  කර තීන්ත ආලේප කිරීමටත් පියවර ගැනිණි.
ගංවතුර නිසා එම විද්‍යාලයට දැඩි අලාබ හානි වී තිබූ අතර ගොඩනැගිලිවල වහලය දක්වා වතුරින් යටවී තිබිණි.

පියවර තුනක් යටතේ සංවිධානය කෙරෙන මෙම වැඩසටහනේ පළමු පියවර යටතේ එම විද්‍යාලයේ පංති කාමර තුළ ගංවතුරට ගසා ගෙන විත් තිබූ කසළ ඉවත් කර පංතිකාමර පිරිසිදු කෙරිණ.

එහි දෙවැනි පියවර යටතේ ඩෙස් පුටු අලුත්වැඩියාව සහ පංති කාමර අලුත්වැඩියාව සිදු විය.


එහි තෙවැනි පියවර යටතේ එම විද්‍යාලයයේ සිසු සිසුවියන්ට පොත් පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමට නියමිතය.















No comments:

Post a Comment